27 C
Colombo
27/11/2024

ඇමති ප්‍රසන්න රණතුංගගේ සොයුරු රුවන් සජිත්ට එක්වෙයි

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා ඉදිරි දේශපාලන කටයුතු සඳහා සමගි ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගය මිනුවන්ගොඩ නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකටද රුවන් රණතුංග මහතා එක්ව සිටියහ.

රුවන් රණතුංග මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙකු ද වෙයි.

ආණ්ඩුවේ අන්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ සංවිධායක චමින්ද ද සිල්වා මහතා විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබිණ.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

Share with your friends :