27 C
Colombo
24/11/2024

අවසානයේ ට්‍රම්ප් පරාජය පිළිගන්නා බව ඉඟි කරයි . අවසන් ප්‍රතිපලය 306 -232

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදය තම පරිපාලනය යටතේ කිසිදු ආකාරයකින් ලොක් ඩවුන් නොකරන බව ජනාධිපති ට්‍රම්ප් ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පැවසීය.
කෙසේ වෙතත් අනාගතයේ කවරක් සිදුවේදැයි නොදන්නා බවත් අනාගතයේ කවර පරිපාලනයක් පැමිනේ දැයි නොදන්නා බවත් ට්‍රම්ප් පැවසීය. ට්‍රම්ප් ධුරයෙන් සමුගන්නා බවට ඉඟි කල ප්‍රථම ප්‍රකාශය මෙයයි. මේ වන විට රිපබ්ලිකන් සෙනෙට් සභිකයන්ගෙන් පවා ට්‍රම්ප් හට පරාජය භාරගන්නා ලෙසට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. ඊට හේතුව මේ තුලින් ඇමරිකානු එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන අහිතකර බලපෑමයි.
මේ වන විට ආන්දෝලනාත්මක ජෝර්ජියා ජනපදයේද යෝජිත ප්‍රතිපලය අනුව එම ප්‍රන්තයේද බයිඩන්ගේ ජයග්‍රහණය සහතිකවී තිබේ. 1992 ට පසු ජෝර්ජියා ප්‍රාන්තය ජයග්‍රහණය කල ප්‍රථම ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස බයිඩන් ඉතිහාසගතවේ. ට්‍රම්ප් හට නොර්ත් කැරොලිනා ප්‍රාන්තය ජයග්‍රහණය කල හැකිවී තිබේ. ඒ අනුව ඉලෙක්ටෝරල් නියෝජිතයන් 306 ක් ජයගන්නට බයිඩන් හට හැකිවී තිබෙන අතර ට්‍රම්ප් ට ලැබෙනුයේ 232 ක් පමණි. මෙවර බයිඩන් මුළු ඡන්ද 78047755 ක් ලබා ගත් අතර ට්‍රම්ප් ලබා ගෙන ඇත්තේ 72700700 කි.
මෙය දෛවෝපගත සිද්ධියක් වන්නේ ට්‍රම්ප් ජයගත් 2016 ජනාධිපතිවරනයේදී ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියාවූ හිලරි ක්ලින්ටන් ඉලෙක්ටෝරල් නියෝජිතයන් 232 ක් ලබා ගනිද්දී ට්‍රම්ප් ඉලෙක්ටෝරල් නියෝජිතයන් 306 ක් ලබා ජයග්‍රහණය කිරීමය. ජනාධිපතිවරණයේ සමස්ත නියෝජිත සංඛ්‍යාව 538 ක් වන අතර ජයග්‍රහණය සඳහා 270 ක් අවශ්‍යව වේ.
එදා හිලරි වැඩි ඡන්ද ලක්ෂ තිහක් ලබා තිබුනද ඉතාම සුළු ඡන්ද ප්‍රමාණ වලින් එනම් දශම ගණනකින් තීරණාත්මක ප්‍රාන්ත හතරක පරාජය ලබා තිබුනද පරාජය නිහතමානීව පිළිගනිමින් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය පිළිගත්තාය. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැන් සිටම 2024 පිපබ්ලිකන් ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්නා බව සිය සමීපතමයන් සමග පවසා තිබේ. ඒ සඳහාද ට්‍රම්ප් ගැටළු ඇති කිරීමකින් තොරව සාමකාමීව රජය පාලන කටයුතු වලින් ඉවත්ව යාම අත්‍යවශ්‍ය කාරණයකි.

Share with your friends :