27 C
Colombo
23/09/2024

කාදිනල්තුමෝ ශ්‍රේෂ්ඨාධිකරණයට

Share with your friends :

මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මගින් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

කාදිනල්තුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 07 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශවලට අයත් වන අත්කර 3,000කට අධික බිම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කර ඇති බවය.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වන බවත් , ඔවුන්ගේ පදිංචියටද දැඩි අභියෝගයට ලක්වන බව කාදිනල්තුමන් සිය පෙත්සමෙන් කියා සිටිති.

ඒ අනුව අදාළ භූමි ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය අඩංගු ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි කාදිනල්තුමන් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Share with your friends :