27 C
Colombo
24/09/2024

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන් කරයි

Share with your friends :

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්ය බාරය අවශ්‍ය නොවන බව රජය තීරණය කළ බව කී රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා පැවසුවේ එම නීතිය රජය මාසයකට පමණක් සම්මත කළ එකක් බවය.

කොරෝනා පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණ, ඩෙංගු ඇන්ටිජන් පරීක්‍ෂණය සහ වතුර බෝතල්වලට පනවා ඇති පාලන මිල හතර පමණක් මේ වන විට පවතින බව කී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සීනි කිලෝවක් රුපියල් 150 ට වැඩියෙන් මොනම ආකාරයකටවත් විකිණීමට නොදෙන බව ද සඳහන් කළේය.

සීනි කිලෝවක් රුපියල් 138 කට තොග නිකුත් කර රුපියල් 145 ත් 150 ත් අතර සිල්ලර අළෙවි වන බවත් ඊට වඩා වැඩියෙන් සීනි අළෙවි කරන්නේ නම් පාරිභෝගික ආරක්‍ෂණ අමාත්‍යංශය දැනුවත් කළ යුතු බවත් අමාත්‍ය අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.

පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා කටයුතු කළේය.

Share with your friends :