27 C
Colombo
26/09/2024

පාලන මිල ඉවතට – සීනි මිල ඉහලට

Share with your friends :

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජය පවසයි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (2) පැවැති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන ඇත.

හිඟයකින් තොරව සීනි පාරිභෝගියන්ට ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

පාරිභෝගියන්ට අවශ්‍ය සීනි හිඟයකින් තොරව ලබා දෙන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් කියා සිටියේ හෙට (3) දිනයේ සීනි පාලන මිල ඉවත් කිරීමට සම්බන්ධ ගැසට් නිවේදන නිකුත් කරන බවයි.

ඉකුත් අගෝස්තු මාසයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සුදු සීනි කිලෝවක් රුපියල් 125කට ද පැකට් නොකළ සිදු සීනි කිලෝවක මිල 122කට ද පැකට් කළ රතු සීනි කිලෝවක මිල රුපියල් 125ක හා පැකට් නොකළ රතු සීනි කිලෝවක මිට රුපියල් 128 අලෙවි කළේය.

Share with your friends :