27 C
Colombo
26/11/2024

විදුලි සේවකයෝ යුගදනවි ගිවිසුමට එරෙහිව උසාවි යති

Share with your friends :

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සංමරසිංහ ,ලංකා විදුලි සේවක සංගමයේ මහ ලේකම් රංජන් ජයලාල් , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත ප්‍රභාත්, සමස්ත ලංකා විදුලි පාරිභෝගික සංගම් සභාපති කේ .එම්.ප්‍රියන්ත , ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සෙවක සංගමයේ ලේකම් දොන් අජිත් දෙවප්‍රිය යන වෘත්තීය සමිති නියෝජිතයෝ‍ෙ මෙම පෙත්සම ගොනු කළහ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් , වේස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම , ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි නිව් ෆෝට්‍රස් සමාගම , ලංකා විදුලි බල මණ්ඩලය , ලක්දනවි සමාගම , මහජන උපයෝගිතා කොමිසම , එහි සභාපති ඇතුළු සාමාජිකයින් ,මුදල් අමාත්‍යාංශ ලේකම් , ලංකා ඛනිජ තෙල් සංස්ථාව , ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය ඇතුළු 44 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරුවන් මෙරට පිළිගත් වෘත්තීය සමිති නායකයෝ වෙති.

කැබිනට් මණ්ඩලය විසින් සැප්තැම්බර් 6 වැනිදා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් , සිය පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටිති.

එසේම එම ක්‍රියාවලිය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා තිබේ.

Share with your friends :