කොරවලපිටිය යුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට විකිණීමට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එක්දින වැඩවර්ජනයකට යන බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති, දුම්රිය, බස්රිය, වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ද ලංවීව ඒකබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුරම්කරු රන්ජන් ජයලාල් මහතා පවසයි.
නියෝජ්‍ය විදුලි සාමාන්‍යාධිකාරි කාර්යාල ඉදිරිපිට ඉදිරියේ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වෙන බව ද ඔහු කීවේය.