මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නට කුමටද’ යනුවෙනි.
අම්මා තාත්තා වරදක් කලත් වැරදි බව ද සඳහන් කළේය.
ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කරන ලදී.
එහිදී වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ තම සටනට ආණ්ඩුවේ මෙම පක්ෂ සියල්ල සහයෝගය දෙන බවටත් එකහෙළා ප්‍රතිඥා දුන් බවයි.
දින දෙකක් රට අදුරේ තබමින් වැඩ වර්ජනයකට යන බවද වෘත්තීය සමිති නායකයන් එහිදී කියා සිටියහ.