සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව හේෂා විතානගේ මහතා සංවිධායක ධුරය දරණ රක්වාන ආසන සංවිධායක ධුරයෙන් සහ චම්න්ද විජේසිරි මහතා පක්ෂයෙ තමන් දරණ වගකීම්වලින් ඉවත්ව ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඔවුන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලිඛිතව දැනුම් දී ඇතැයිද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් සමගි ජන බළවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එවැනි කිසිඳු දැනුම් දීමක් මේ වන තමන්ට දැන්ම් දී නොමැති බවයි.
මේ මන්ත්රීවරු මීට පෙර 20 වන සංශෝධනයේදී ආණ්ඩුව සමග එක්වීමට නියමිතව සිටි බවට එම දිනවල ආරංචි පැතිර ගියේය.
ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් රජයේ හවුල්කාර සුළු පක්ෂ වල විරෝධය සමනය කිරීම සඳහා විපක්ෂ මන්ත්රීවරු කීපදෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටී.