පළාත් අතර ක්‍රියාත්මක සංචාරණ සීමා මෙම මස 31 වැනිදා දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
මුලින් තීරණය කරගත් පරිදි පළාත් අතර සංචාරණ සීමා අවසන්වීමට නියමිතව තිබුණේ 21 වැනිදාය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.
ඇතැම් පිරිස් සංචරණ සීමා කඩ කරමින් පිට පළාත්වලට යන බවට තොරතුරු ලැබී ඇත.
මේ අතර සංචරණ නීති කඩ කරමින් පිට පළාත්වලට යෑමට උත්සහ දැරූ දහසකට ආසන්න පිරිසක් ආරක්ෂක අංශ විසින් පසුගියදා ආපසු හරවා එවනු ලැබූහ.