සීනි පාලන මිල වහා ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් දස දෙනකු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් මගින් ඉල්ලා ඇත.
එම සීනි ආනයනකරුවන් 10 දෙනාගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියේ සීනි පාලන මිල ඉවත් කිරීම හෝ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 25කින් ඉහළ දමන්නැයි ද ඉල්ලා ඇත.