ලබන සඳුදා සිට යළි සේවයට වාර්තා කිරීමට වර්ජිත ගුරු – විදුහල්පතිවරු තීරණය කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද තීරණය කළේය.
ලබන 21 සිට සිසුන් 200 අඩු පාසල් විවෘත කිරීමට තීරණය කළ ද එම දිනවල පාලස්වලට නොපැමිණීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇතැයි ද එම වෘත්තිය සමිති සංගමය පවසයි.
ලබන 25 වැනිදා සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව ද ගුරු වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.
වැටුප් විෂමතාව විසඳුම් ඉල්ලා ගුරු – විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම්වලින් ඉවත්ව අදට දින 99 කි.