කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර අංශය යලි විවෘත කර තිබේ.
කෙසේ වෙතත් රියදුරු බලපත්‍ර එක්දින සේවය තාවකාලිකව නවතා ඇති අතර සාමාන්‍ය සේවය පමණක් මේ දිනවල ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා පැමිණෙන බලපත්‍ර ඉල්ලුම්කරුවන් දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් මගින් දිනයක් සහ නියමිත වෙලාවක් වෙන්කරගෙන පැමිණිය යුතුය.
දැනට සාමාන්‍ය සේවයත් ක්‍රියාත්මක කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ඉල්ලුම්කරුවන් සඳහා පමනි.
ඒ අනුව, විභාග සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දිනයක් හා වේලාවක් ලබාගැනීම සඳහා 070-6354122 ද ප්‍රයෝගික පරීක්ෂණ සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දිනයක් හා වේලාවක් ලබාගැනීම සඳහා 070-6354123 ද නව රියදුරු බලපත්‍ර ලබාගැනීම ,බලපත්‍ර සංශෝධනය කිරීම හෝ බලපත්‍ර සම්බන්ද වෙනත් විමසීම් සඳහා 070-6354124 ද බර සහතික හා වාහන පරීක්ෂා කිරීමට අදාළ විමසීම් සඳහා 070-6354125 ද වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් විමසීමට 070-6354121 යන දුරකථන අංකයද භාවිතා කල හැක.