27 C
Colombo
25/11/2024

ගම්මන්පිල ඉන්ධන මිල බැසිල්ගේ කරපිට තියන වෑයමක

Share with your friends :

ඛනිජ තෙල් මිල අද හෝ හෙට ඉහළ නොයන බවත් ඛනිජ තෙල් සඳහා සහනයක් ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැති බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරය සහ ලැබෙන දිනය අනුව ඛනිජ තෙල් මිල ඉහළ දැමීම තීරණය වන බවත් සඳහන් කළේය.
ඉන්ධන මිල සදහා සහනාධාරයක් මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්දීය ලංකා තෙල් සමාගමත්, ඛණිජ තෙල් සංස්ථාවත් ඉන්ධන මිල වැඩිකිරීම සදහා අමාත්‍යාංශය වෙත ඉල්ලුම් කර ඇතැයිද ඔහු පැවසීය.

දැනටමත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලමින් ඇති බවද පැවසූ ඔහු මෙතෙක් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති බවද කියා සිටියේය.

Share with your friends :