මෙරට විදුලි බල ක්ෂෙත්රය සම්බන්ධ තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරති.
ඒ සඳහා ඇමරිකාවේ නිවු ෆොට්රස් සමාගමේ ප්රධාන විධායක නිලධාරියා මෙරටට පැමිණීමට නියමිත බව ද ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සමාගම සමඟ මෑතකදී ඇතිකර ගත් ගිවිසුමේ දිගුවක් ලෙස නව ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ද එම සන්ධානය කියා සිටී.
අදාල ගිවිසුම කුමක්දැයි රටට හෙළිදරව් නොකරන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරත වන බවද එම සන්ධානයේ රන්ජන් ජයලාල් මහතා පැවසීය.