නුදුරේදීම ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරන්නේ තෙල් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබමින් සිටි නිසා ඉන්ධන මිල ඉහල දැමිය යුතු ඇති බවයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙම පාඩුව පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ දැමීමට යුතු බව පවසන ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇත.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද සඳහන් කලේ මහා භාණ්ඩාගාරය විසින් යම්කිසි සහනයක් ලබා දීමට කටයුතු නොකළහොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.