නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇතැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට ඇති එකම බාධාව මෙම නීතිමය තත්වය බව සභාපතිවරයා එම කාරක සභාවට දැනුම් දුන්නේය.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය. දිනේෂ් ගුණවර්ධන මහතා නීතිපතිවරයාගේ මතය එම සභාවට දැනුම් දුන්නේය.