නොබෙල් සාම ත්‍යාගය පිලිපීනයේ සහ රුසියාවේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට හිමි වී ඇත.
භාෂණයේ නිදහස වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය එනම් භාෂාණයේ නිදහස ගෝලීයව තර්ජනයට ලක්ව ඇතැයි ද එම කමිටුව සඳහන් කළේය.
පිලිපීනයේ මරියා රේසා සහ රුසියාවේ දිමිත්‍රි මුරටොව් මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වූ අතර “පිලිපීනයේ සහ රුසියාවේ අදහස් ප්‍රකාශ කිරීම නිදහස/භාෂණයේ නිදහස වෙනුවෙන් කරන ලද ධෛර්යමත් සටන” වෙනුවෙන් මෙවර නොබෙල් සාම ත්‍යාගය ඔවුන් දෙදෙනාට ප්රදානය කරන බව නෝර්වේජියානු නොබෙල් කමිටුවේ ප්‍රධානී බෙරිට් රෙයිස් ඇන්ඩර්සන් ප්‍රකාශ කළාය.
වසර 1935 න් පසු ජනමාධ්‍යවේදියකු/ජනමාධ්‍යවේදීන් මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.
ජර්මනියේ කාර්ල් වොන් ඔසියට්ස්කි එරට රහසිගත ආයුධ වැඩසටහනක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම වෙනුවෙන් 1935 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ය.