27 C
Colombo
19/11/2024

රජයට හිමිව තිබු කම්හල් නැවත රජයට ගෙන සිමෙන්ති මිල අඩුකරන්න

Share with your friends :

මාස තුනකට අධික කාලයක් පවතින දැඩි සිමෙන්ති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවයට පත්ව ඇත. මෙරට සිමෙන්ති සමාගම් ද මිල වැඩි කර ගැනීම සඳහා සිමෙන්ති හිඟයක් ඇති කර ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

සිමෙන්ති හිගය හේතුවෙන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1400-1500 මිලකට නිල නොවන ආකාරයට අලෙවි කරමින් පවතී.

මෙම සිමෙන්ති හිගය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙදරේරුවන් සහායකයන් ආදී බොහෝ දෙනකුට සිය ජීවනෝපාය අහිමි වී තිබේ.

මෙරට සිමෙන්ති ඉල්ලුමෙන් 60% ක් ශ්‍රී ලංකාවෙ නිෂ්පාදන වන අතර ඉතිරි 40% ආනයනය කරයි.

ඩොලර් හිගය හේතුවෙන් බොහෝ සමාගම් සිමෙන්ති ආනයනය අත්හිටුවීමද සිමෙන්ති හිගයට බලපා ඇත.
මේ අතර මෙරට සිමෙන්ති කම්හල් කලකට පෙර රජය සතුවූ අතර ඒවා පුද්ගලීකරණය නිසා ඒවායේ මිල අසීමිත ලෙස ඉහල ගියේය. එම නිසා නැවත සිමෙන්ති සමාගම් රජය වෙත පවරා ගන්නා ලෙස ජනතාව ඉල්ලීම් කරති.

Share with your friends :