කොවිඩ් එන්නත ලබා ගෙන හා තමන් ගමන් ආරම්භ කරන රටේදී PCR සහතික ලබා ගෙන විදෙස් රටවල සිට නැවත ශ්‍රීලංකාව වෙත එන ශ්‍රීලාංකිකයන්ව සංචාරක හෝටල් වල නවත්වාගැනීම සඳහා ඇතැම් හෝටල් හිමියන් පිරිසක් විසින් යලිත් සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් කර තිබේ.
එසේ කොවිඩ් එන්නත ලබා ගෙන හා තමන් ගමන් ආරම්භ කරන රටේදී PCR සහතික ලබා ගෙන පැමිණෙන පිරිස් සඳහා ශ්‍රී ලංකාවේදී PCR පරීක්ෂණ අවශ්‍ය නොවන බවට මේ වන විට රජය තීරණය කර තිබේ.
ලොව බොහෝ රටවලද සිදු කරන්නේ මීට සමාන ක්රමවේදයකි. පෙර පවතී ක්‍රමය නිසා හෝටල් හිමියන් හා විවිධ සංවිධානාත්මක පිරිස් දිනපතා රුපියල් මිලියන ගණනින් ලාභ ලැබුහ.
රජයේ නව තීරණය නිසා එම ලාභ අහිමිවීම නිසා මෙම පිරිස් විවිධ පිරිස් හරහා පෙර පවතී නීති යලි ගෙන ඒමට සුදානමින් සිටිති.
පෙර පැවති ක්‍රමවේදයට විදෙස්ගත ශ්‍රීලාංකික ජනතාවගේ සහ ශ්‍රීලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දැඩි විරෝධය එල්ල විය.
එසේ පැමිණෙන බොහෝ රටවලටත් වඩා ශ්‍රීලංකාව තුල කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා වෙද්දී මෙවැනි ඉල්ලීම් හාස්‍යජනකය.