27 C
Colombo
24/11/2024

කිරි පිටි ආනයනකරුවන්ගේ තර්ජන හමුවේ ඩොලර් මුදා හැරේ

Share with your friends :

වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 ට අදාල ලිපිගොනු මහ බැංකුව වාණිජ බැංකුවලින් ලබාගෙන ඇත. ඒ අනුව කිරිපිටි තොගය ලබන අඟහරුවාදා වන විට නිදහස්කරගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් කිරිපිටි ආනයනකරුවන් පවසති.

ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි කන්ටේනර් 16 ක් මාස තුනක පමණ කාලයක් වරාය සිරවී තිබෙන අතර ඒ හේතුවෙන් මේ වන විට වෙළෙඳපොල තුළ කිරිපිටි නොමැති තත්වයකට පත්ව තිබේ.

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බවට මීට පෙර කිරිපිටි ආනයනකරුවන් රජයට අනියම් ආකාරයෙන් තර්ජනය කර තිබිණි.

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත පසුගියදා නිදහස් කළද ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී ද අනාවරණය වුයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත්වීම ප්‍රමාදවන බවය.

ලොව බොහෝ රටවල දියර කිරි ප්‍රධාන වශයෙන් භාවිත කරන අතර මේ තර්ජනය රජය අපහසුතාවයට පත් කර අවශ්‍ය ආකාරයට කිරිපිටි මිල වැඩි කර ගැනීමේ පියවරක් ලෙස බොහෝ දෙනා පවසති.
කිරි පිටි සම්බන්ධයෙන් සමාගම් පවසන මිල ගණන් සත්‍යතාවයෙන් තොර බවට ලෝක වෙළඳපොළ මිල ගණන් හා සැසඳීමේදී පෙනී ගොස් තිබේ.

Share with your friends :