ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි .
ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන අතර, මෙම ණය ලබා ගැනීම් යෝජනාව ද ඊට ඇතුළත් කර ඇත .
රජයේ වියදමට වඩා ආදායම අඩු වීම හේතුවෙන් මෙම ණය මුදල් ලබා ගැනෙනු ඇත . ලබන වසරේ සමස්ත පුනරාවර්තන වියදම රුපියල් කෝටි දෙලක්ෂ අසූ හත් දහස් අටසියයක් පමණ වන අතර ,ප්රාග්ධන වියදම රුපියල් රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන්දහසක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.
ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාරසියයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.