27 C
Colombo
18/11/2024

ලිට්රෝ ගෑස් සමාගම බේරාගන්න පී.බී. ජයසුන්දර යලිත් මැදිහත් වෙයි

Share with your friends :

ලිට්රෝ ලංකා ගෑස් සමාගම විනාශ කර Siyolit නමින් සමාගමක් ඇතිකිරීම සඳහා ව්‍යාපාරිකයන් කීපදෙනෙකු විසින් දියත් කර තිබු කුමන්ත්‍රනකාරී වැඩපිළිවෙලක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ මැදිහත්වීම මත නවතා දමා තිබේ.
කැබිනට් අනුමැතියකින් ද තොරව ඉහළ අශිර්වදයකින් එය ක්‍රියාත්මක බවත් දැනටමත් ස්ථාපිත කොට තිබෙන Siyolit සමාගම විසින් සැලසුම් කර තිබෙන පරිදි ඉදිරියේදී ගෑස් ඒකාධිකාරය ඔවුන් සතු කර ගැනීමට නියමිත බවටත් ලිට්‍රෝ ගෑස් සේවකයෝ පවසති. පී.බී. ජයසුන්දර මහතා මීට පෙර මහින්ද රාජපක්ෂ රජයේ මුදල් අමාත්‍යංශ ලේකම්ව සිටියදීලිට්රෝ සමාගම රජය සතු කර ගැනීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කළේය.
ෂෙල් ගෑස් සමාගම ලිට්රෝ ගෑස් නමින් රජය සතු වන අවස්ථාවේ දී ඔහු විසින් මෙම සමාගම් ව්‍යුහයේ සහ එහි පැවැත්ම සම්බන්ධයෙන් සිදුකරන ලද යහපත් මැදිහත්වීම් ලිට්රෝ ගෑස් සමාගමේ සාර්ථකත්වයට තුඩු දුන් බව බොහෝ දෙනාගේ මතයයි.

Share with your friends :