27 C
Colombo
27/11/2024

මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Share with your friends :

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය සිදුකරන විමර්ශනයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට තමා වෙත දැනුම්දීමක් කර ඇතැයි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

තමා එහි කැඳවා ඇත්තේ කුමන පැමිණිල්ලක් සම්බන්ධයෙන්, කවරාකාරයේ විමර්ශනයකට දැයි සදහන් කර නැති බව නානායක්කාර මහතා කියයි.

විමර්ශන අධිකාරියක් විසින් සිදුකරනු ලබන ඕනෑම නීත්‍යානුකූල විමර්ශනයකට අදාලව සාක්ෂි ලබාදීමටත්, එකී පරීක්ෂණ ඉදිරියට ගෙන යාමටත් උපරිම සහාය ලබාදීමට සෑම විටම බැදී සිටින බව ද එහෙත් සිදුවන විමර්ශනය පිළිබද නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැදවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇති බවද මනුෂ නානායක්කාර මහතා කීය.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග සාකච්ඡා කර නීති උපදෙස් පරිදි ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද නානායක්කාර මහතා සඳහන් කරයි

Share with your friends :