සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
මේ සඳහා සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
වයස අවුරුදු 30ට අඩු කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශිෂ්‍යයන් සඳහා ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු සියලු උපකුලපතිවරුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල විවෘත කිරීමට සුදුසු පායෝගික සහ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවද අමරතුංග මහතා පැවසුවේය.
කොවිඩ් අවදානම හේතුවෙන් විශ්වවිද්‍යාල මාස ගණනාවක් තිස්සේ වසා දමා ඇත.