27 C
Colombo
29/11/2024

අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ

Share with your friends :

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද අළුයම දිවයිනෙන් පිටත් ගොස් තිබේ.

යුරෝපයේ පැරනිම විශ්ව විද්‍යාලයක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයක් සිදු කිරීම සඳහා ඒ මහතා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගියදා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේ අරමුණ පාප්වහන්සේ මුණගැසී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය වසන් කිරීම බවයි.

නමුත් අගමැති මාධ්‍ය ඒකකයත් විදේශ අමාත්‍යංශයත් නිවේදනය කළේ අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී පාප් වහන්සේ මුණ ගැසීමක් සිදු නොවන බවය.

Share with your friends :