පොදු ප්රවාහන සේවා ක්රියාත්මක නොවෙද්දී හදිසි නීතිය යටතේ ඇතැම් රාජ්ය ආයතනවල සේවකයන් සදහා සේවයට වාර්තා කිරීම අනිවාර්ය කිරීම නිසා රාජ්ය සේවකයෝ දැඩි අපහසුවට පත්ව සිටිති.
මේ හේතුවෙන් රුපියල් දහස් ගණන් මුදල් ගෙවා ත්රීවීල් වලින් සේවයට යන්නට රජයේ සේවකයන්ට සිදුව තිබේ.
ඉතාම සුළු වැටුප් ලබන රජයේ සේවකයෝ මේ නිසා දැඩි අසීරුවට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් ප්රවාහන පහසුකම් සපයන ලෙස සේවකයන් කල ඉල්ලීම් වලදී එවැනි දේ සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නැති බව ආයතන ප්රධානීහු පවසා ඇත.