ශ්‍රී ලංකාව ‘කොරෝනා’ වයිරසයේ ව්‍යාප්තිය සහ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මත රතු කළාපයක් ලෙස නම් කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥා වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි.
ශ්‍රී ලංකාව රතු කළාපයෙන් බැහැර වීමට නම් දැනට දිනකට හදුනාගන්නා ‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් අඩුකරගත යුතු බවත් එවැනි වෙනස් වීමට නම් තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බවත් විශේෂඥා වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා කීය.