27 C
Colombo
21/02/2025

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් අතට-පෙනහළු දෙකටම නිව්මෝනියාව

Share with your friends :

පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුළත් කළේය.

පර්යේෂණවල දී ශ්වසන පද්ධතියේ යම් ආසාදනයක් පිළිබඳව අනාවරණ වී තිබූ අතර, මේ වනවිට උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

88 හැවිරිදි පාප් වහන්සේ තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බව වතිකානය ඒ අනුව නිවේදනය කර තිබේ.

Share with your friends :