27 C
Colombo
21/02/2025

වැටුප් සංශෝධනයෙන් කැළඹෙති – සමාජ ජාලවල පතුරු ගසති..

Share with your friends :

සෞඛ්‍ය සේවාවේ පරිපූරක හා හෙද කාර්ය මණ්ඩලයන් අතර පවතින බරපතළ වැටුප් හා දීමනා විෂමතාවය සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ග අරඹන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරන්නේ මෙම ගැටළුව සාකච්ඡා මාර්ගය විසඳා ගැනීමට උපරිම උත්සාහ දරන බවය.

එසේ විසඳා ගැනීමට නොහැකි වුවහොත් වැඩ වර්ජන යනු තම සංගමයට නුපුරුදු දේවල් නොවන බවත් හෙතෙම කියා සිටියේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී තීරණය කර ඇත්තේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ගැඹුරු හා තාක්ෂණික අධ්‍යයනයක් සඳහා විශේෂඥ කමිටුව රැස් කිරීමටයි.

අනතුරුව සිකුරාදා දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම තීන්දුව ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් සිකුරාදා කැඳවා තිබේ.

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් හෙද නිලධාරීන් නිලධාරිනියන් අතරද විවේචනාත්මක අදහස් පළවෙමින් තිබේ.

මෙම යෝජනා යෝජනා කර ඇති වැටුප් සංශෝධනය අනුව ඔවුන්ගේ අතිකාල දීමනා අඩුවන බවත් නිවාඩු දින දීමනාවද අඩුවන බවත් ඔවුනගේ මතයයි.

සෞඛ්‍ය වෘත්තිය සමිති සංගම් නායකයකු වන රවී කුමුදේශ මහතා සෞඛ්‍ය සේවාවට යෝජිත වැටුප් සංශෝධනය බලපාන ආකාරය තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ මෙසේය.

“සමහර වෙනස්කම් තියනවා, ඒවා කරන්න පුළුවන් මේ අණ්ඩුවට විතරමයි – රවී කුමුදේශ්”
#Budget_2025

📌 වසර 3 වැටුප් වැඩිවීමට, දැනට හිමි 2500/- හා 5000/- අන්තර් දීමනා වැටුපට එකතුවේ. ඒක පොඩි ගණිත ගුණ්ඩුවක්..

📌 අතිකාල සඳහා සුවිශේෂී කොන්දේසි පරිපූරක වෛද්‍ය හෙද සහ අතුරු වෛද්‍ය අමතර දීමනා සඳහා දැනට ගෙවනු ලබන 1/160 ක දීමනාව, 1/200 දක්වා අඩුවේ.

📌 සෙනසුරාදා, ඉරිදා හා PH සඳහා දැන ගෙවනු ලබන 1/20 දීමනාව, 1/30 දකවා අඩුවේ.
රජයේ වැටුප් වැඩි වීම ගණිත ගුණ්ඩුව, පුළුවන් තරම් සරලව..

(2027 වෙද්දී සැබෑ මුදල් වැඩි වීම අවම – 8250යි කීවට ඇත්ත වැඩිවීම – 6990/-)

මෙතෙක් අවම වැටුප
24250 + 2500 + 5000 = 31750
24250 කියන්නෙ මූලික වැටුප..,
7500 අන්තර් දීමනා.., මීට අමතරව ජීවන වියදම් දීමනා – 17800/-

24250 මූලික වැටුප 40000 වෙනවා…,
ඒ වෙන්නෙ 24250 ට දීමනා 7500 එකතු වෙනවා.., තව 8250ක් වැඩිපුර එකතු වෙනවා..,
24250 + 7500 + 8250 = 40000

එතකොට 2025 අප්‍රේල් වැටුපට එකතු වෙන්නෙ කීයද..,
සැබෑ ලෙස වැඩි වූ 8250න් 5000කුත්, ඉතිරියෙන් 30% කුත්,
(8250 – 5000=3250)
3250 × 30% = 975

එතකොට අප්‍රේල් සිට අතට ලැබෙන වැටුප් වැඩි වීම,
5000 + 975 = 5975
ඉතිරිය 7113/- ක් හා 8250/- ලෙස 2026, 2027 ජනවාරි වලදී එකතු වෙනවා..

අමතක කරන්න එපා,
2025 වැඩිවීමෙන් 1078/-ක්,
2026 වැඩ්වීමෙන් 1169/-ක්,
2027 වැඩිවීමෙන් 1260/-ක්,
වැන්දඹු හා අනත්දරු ලෙස ආපසු අවම වැඩිවීමෙන් අයකර ගන්නවා මාසෙකට …

Share with your friends :