27 C
Colombo
12/02/2025

විදුලි ඇමතිට ඉල්ලා අස්වන්නැයි කියයි

Share with your friends :

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාත් විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපතිවරයත් ඉල්ලා අස්විය යුතු බව වෘත්තිය සමිති සංගම් සඳහන් කරයි.

විදුලි බල මණ්ඩලයේ නොහැකියාවත් හේතුවෙන් විදුලිය බිද වැටීමේ වගකීම බාර ගනිමින් ඔහු ඉල්ලා අස්විය යුතු යයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ ජාතික සංගමය කියයි.

බලශක්ති අමාත්‍යවරයා ඉංජිනේරුවකු වුවද ඔහු වඳුරෙකු අල්ලාගෙන දඟලන බවද සංගමයේ ලේකම් සංජීව් ධම්මික මහතා කියා සිටී.

සභාපතිවරයාටයි, ඇමැතිවරයාටයි කරන්නට වැඩ දෙකක් තිබෙන බවත්, එක්කෝ දෙදෙනාම ජනාධිපතිවරයාට ලිපියක් ලබාදී ඉල්ලා අස්විය යුතු බවත්, නැතහොත් ඉංජිනේරුවන් වහාම වඳුරා අල්ලා පරීක්ෂණයක් කළයුතු බවත් ඔහු පැවැසීය

සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර කියා සිටියේ වඳුරකු පිට දාලා විදුලිය විසන්ධිවීමේ ප්‍රශ්නයෙන් ආණ්ඩුවට ගැලවීමට නොහැකි බවය.

විදුලිබල මණ්ඩලයේ නොහැකියාව නිසා මෙම විදුලිය විසන්ධිවීම සිදුවී තිබෙන බවත්, එම නිසා වින්දිතයන් වූ කුඩා කර්මාන්තකරුවන්ට වන්දි ගෙවීමට වහාම ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළයුතු බවද ඔහු පැවැසීය.

ලංකා විදුලි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් උමේද සෙනෙවිරත්න කියා සිටියේ විදුලිය විසන්ධිවීම පිටුපස යම් මාෆියාවක් ක්‍රියාත්මක වන බවය.

Share with your friends :