මෙරට පුරවැසියන් 340,000කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
පසුගිය 2024 වසරේදී 311,000කට විදේශ රැකියා ලබාදී ඇති අතර, එය මෙම වසරේදී 12%කින් වැඩිකරමින් මෙලෙස රැකියා අවස්ථාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් සකසා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සඳහා ජනතාව විදේශගත කළ යුතු බවයි.
එමෙන්ම විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.