ඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා දිවුරුම් දීමට දින කීපයක් තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දීම විශේෂත්වයකි. තම දිවුරුම් දෙනතුරු එය ප්‍රමාද කරන ලෙස ඔහු ඉල්ලා තිබුනේ TIK TOK තහනම් කිරීමට විරෝධය දක්වමිනි.
TIK TOK තහනම් කිරීම වලක්වා ගන්නට නම් එය ඇමරිකානු සමාගමකට විකිණීමට TIK TOK හිමිකරුවන්ට සිදුවේ.
ඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම් කරන ලද්දේ එය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමිනි.ඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK පරිහරණය කරන්නන් සංඛ්‍යාව මිලියන 170 කි.