27 C
Colombo
18/01/2025

දොස්තරගේ ගෙදරට ගිහින් මසාජ් දීලා මිලියන තිහකට විද්ද අරගල නායකයා අත්අඩංගුවට

Share with your friends :

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 30 කට අධික දේපළ තොගයක් සොරාගත් ප්‍රසිද්ධ සමාජ සහ අරගල ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි .

සොරාගෙන ගොස් තිබූ දේපළ අතර රුපියල් කෝටි 2 කට ආසන්න වටිනා දියමන්ති මාලයක්, විදේශීය මත්පැන් බෝතල් කීපයක් මෙන්ම රන් භාණ්ඩ තොගයක් ඇතුළු දේපල රැසක් වන බව පොලිසිය සඳහන් කරයි.

දෙමහල් නිවසේ 31 හැවිරිදි වෛද්‍යවරයා සහ ඔහුගේ සමීප මිතුරෙකු වන 38 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පීයෙක් පදිංචිව සිටින අතර ඉකුත් මස (21) මිතුරා නුවරඑළිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වීම සඳහා එම නිවසින් පිටවී ගොස් තිබිණි.

එදින වෛද්‍යවරයා පමණක් නිවසේ සිට ඇති අතර ඔහු පසු දින (22) අන්තර්ජාලය ඔස්සේ ශරීරය සම්භානය කර ගැනීම සඳහා තෙරපීවරයෙකු අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර ඇතිඅතර

එම පුද්ගලයා පැමිණ එම කටයුතු සිදුකර මඳ වේලාවකදී ඖෂධ කරලක් පානය සඳහා වෛද්‍යවරයා වෙත ලබා දී අනතුරුව මුදල් ලබාගෙන පිටවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.

එයින් පැය කීපයකට පසු වෛද්‍යවරයා වෙත ඇමතුමක් ලබා දී තිබූ ආගන්තුක තෙරපිවරයා ඔහුගේ ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය වෛද්‍යවරයාගේ නිවසේ අමතකව දමා ගිය බවත් එය රැගෙන යාම සඳහා පැමිණෙන බවට වෛද්‍යවරයට දැනුම් දී නිවස වෙතට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය

Share with your friends :