පාකිස්තානයේ සිටින දරුවන්ගෙන් මිලියන 22කට වැඩි පිරිසක් පාසල් නොයන බව එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා තිබේ.
පාකිස්තානයේ මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාවය ද පවතින බව ඔහු අවධාරණය කර ඇත.
දැරියන්ගේ අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
පාකිස්තානයේ වයස අවුරුදු 5 සිට 16 දක්වා ළමුන් මිලියන 22.8ක් පමණ පාසල් නොයන බවත්, ඉන් වැඩි සංඛ්‍යාවක් ගැහැණු ළමයින් බවත් වාර්තා වෙයි.