ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට කමිටු පත් කිරිමට අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය.
ජොශප් ස්ටාලින් මහතා ඒ බැව් කියා සිටියේ (14) දින හැටන් නගරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු ජොශප් ස්ටාලින් මහතා කියා සිටියේ
රාජ්‍ය, පෞද්ගලික අංශ ඇතුළු සියළු දෙනා ජනවාරි මස සිට වැටුප් වැඩි විමක් බලාපොරොත්තු වුණා, ආණ්ඩුව ඇයවැයෙන් වැටුප් කිරිමක් සිදු කරනවා කියනවා,
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 අපි බලාපොරොත්තු වෙනවා, ගුරු විදුහල්පතිවරුන් වැටුප් සම්බන්ධයෙන් විශාල අරගලයක් සිදු කලා,
එම අරගලය නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ සුබෝදනී මහත්මිය ප්‍රමුඛ කමිටුවක් පත් කලා, වැටුප් වැඩි විම සම්බන්ධයෙන් ලබාදුන්න යෝජනාවෙන් 1/3 වැටුප් වැඩිවිමක් තමයි ලැබුණේ,
එකෙන් වැඩි නොවු ඉතිරි 2/3 වැටුප් වැඩි විම ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ, ඒ සදහා ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට 2024 වසරේදි අපි විශාල අරගලයක් සිදු කලා,
වත්මන් රජයේ ඇමතිවරයෙක් කියනවා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන්න ඕනි කියලා, කමිටු පත් කරන්න අවශ්‍ය නැ කමිටු හදලා යෝජනාවක් ඉදිරිපත් කරලා 1/3 වැටුප් වැඩිවිමක් ලබා දිලා තියෙන්නේ, ඉතිරි 2/3 විතරයි ලබාදෙන්න තියෙන්නේ,
රාජ්‍ය සේවකයන්ගේ වැටුප රු 20000 කින් වැඩි කරන ලෙස සිදු කල උද්ඝෝෂන වලට වත්මන් රජයේ මැති අමතිවරුන් හිටියා, දැන් ඒ පිලිබදව අවධානය යොමු කරන්න යනුවෙන් පැවසිය.