චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයකින් පුද්ගලයින් 126 දෙනෙක් මියගොස් තිබේ.
එරට වේලාවෙන් අද (07) උදෑසන 9.05ට පමණ සිදුවූ මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පැවති බව වාර්තා වේ.
එහි බලපෑම අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 400ක් පමණ දුරින් පිහිටා ඇති නේපාලයේ කත්මණ්ඩු අගනුවරට පවා දැනී තිබුණි.
ඉන් පසුව එහි පසුකම්පන රැසක් ද වාර්තා වී තිබේ.