රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකයන් රැසක් සිටින බවත් ඔවුන් අඩු කරනලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පෙන්වා දී ඇති බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පවසයි.
මෙරට රාජ්‍ය සේවය තුළ ලක්ෂ පහළොවක පමණ පිරිසක් සිටියද පසුගිය කාලයේ රාජ්‍ය සේවයට අදාළව විවිධ පත්වීම් ලබාදී ඇත්තේ දේශපාලන අරමුණු පෙරදැරි කරගමින් මිස මහජන සේවය අරමුණු කරගෙන නොවන බව පැවසූ අමාත්‍යවරයා, රාජ්‍ය සේවයෙන් උපරිම සේවයක් ලබා ගැනීම සඳහා සැලසුම් සකස් කර තිබෙන බවද කියා සිටියි.
අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ මහනුවරදී පැවති කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළ ප්‍රගති සමාලෝචනයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළව වෘත්තිකයන් ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් සපයන නිලධාරීන්ගේ සැලකිය යුතු හිඟයක් පවතින බවයි. විශේෂයෙන් රජයට සම්බන්ධ පශු වෛද්‍යවරුන් සහ වනජීවි නිලධාරීන්ගේ හිගයක් ඒ අතරින් කැපී පෙනෙන බවද ඔහු පැවසීය.
කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල එම පුරප්පාඩු හැකි ඉක්මනින් පුරවන බවත් වී අලෙවි මණ්ඩලය වැනි ආයතන යළි සක්‍රීය කොට මහජනතාවට සහන සැලසීමට කටයුතු යොදන බවද අවධාරණය කළ අමාත්‍යවරයා, කෘෂිකර්ම ක්ෂේත්රය යළි ගොඩනැංවිය යුතු බවත් විටින් විට විවිධ ගැටලු මතු වුවත් මෙරට ජනතාව කුසගින්නේ නොතියන්නට ගොවි ජනතාව කටයුතු කරනු ඇති බවද අවධාරණය කළේය.