බිත්තර මිල වෙළඳපළේ නැවත වතාවක් ඉහළ ගොස් තිබේ.
පසුගිය දින කිහිපයේ රුපියල් 35-38 දක්වා මිල පහත බැස තිබූ බිත්තර මිල මේ වන විට රුපියල් 40-45 දක්වා මිල ඉහළ ගොස් තිබේ.
සුපිරි වෙළඳ සැල්වල බිත්තරයක් රුපියල් 50-55 සීමාව දක්වා මිල නියම වී ඇත.
කෙසේ වෙතත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරන්නේ ගොවිපළවල්වලින් බිත්තරයක් රුපියල් 30-31 අතර තොග මිලකට නිකුත් කළද ඇතැම් වෙළඳුන් බිත්තර මිල ඉහළ නගා ඇති බවටයි.