27 C
Colombo
17/11/2024

ඩොලර් ඉතිරි කරගන්න වාහන අංක තහඩු මෙරටදීම නිපදවන්න නව ජනාධිපතිට අවස්ථාවක්?

Share with your friends :

පසුගිය සමයේ අති දුෂිත ටෙන්ඩරයක් යටතේ ජර්මානු සමාගමකට පිරිනම ඇති වාහන අංක තහඩු ටෙන්ඩරය නවතා යලිත් පැරණි ක්‍රමවේදයට මෙරට දේශීය නිෂ්පාදකයන්ට හෝ රජයේ කර්මාන්ත ශාලාවේ හෝ වාහන අංක තහඩු නිපදවන ලෙස ජනතාව නව රජයෙන් ඉල්ලා සිටිති. ඒ මගින් මාසිකව විදේශ රටකට ඇදෙන මිලියන ගණනක විදේශ විනිමය ඉතිරි කර ගත හැකිවන බව ජනතාව පෙන්වා දෙති.
මේ අතර වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතිබව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.

ඒ අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙනි.

අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Share with your friends :