2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මැතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,580ක් දක්වා ඉහළ ගොස් ඇත.
ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 20ක් ද ඒ අතර වන බව සඳහන් වේ.
කෙසේවෙතත් ලැබී ඇති පැමිණිලි අතරින් 1999ක් මේ වන විට විසඳා ඇති අතර තවත් විසඳීමට ඉතිරිව ඇත්තේ පැමිණිලි 581ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය