කොළඹ මියුසියස් විද්‍යාලයේ කළමනාකාරිත්වය අධ්‍යාපන අමාත්‍යංශයේ නීතිරීති උල්ලංඝනය කරමින් විභාග පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවට චෝදනා කරන එම විද්‍යාලයේ දෙමව්පියෝ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට හා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයේ පාසල් හා රජය අනුමත පුද්ගල පාසල් සඳහා පාසල් පැවැත්විය යුතු අවම දින ගණනක් නියම කර ඇත. එසේ තිබියදී මියුසියස් කළමනාකාරිත්වය මේ මාසයේ වර්ෂ අවසාන විභාග පවත්වා අඩු දින ගනනක් ඉගැන්වීම් කටයුතු සිදු කර තිබේ. එසේ තිබියදී මෙසේ වසර අවසන් කර නව වර්ෂයක් ලබන 2025 ජනවාරි මාසයේ ආරම්භ කරන්නට යන්නේ නව වාර සඳහා ළමයින්ගෙන් ගාස්තු ය කරන්නට බවට දෙමාපියෝ චෝදනා කරති.
මෙසේ රටේ නීති උල්ලංඝනය කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශ නොතකමින් කටයුතු කරන මියුසියස් කළමනාකාරිත්වයට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස මියුසියස් දෙමාපියන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.