තම සැමියා වූ විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් නිසා ඝාතනය කරන ලද ආකාරයෙන්ම තමන්වද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පහළ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.
ඇය මේ බව සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමිනි.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන සාකච්චාව ගැන ඇය විසින් මේ බව දැනුම් දී තිබේ.
ඇය පෙන්වා දෙන්නේ විශ්‍රාමික ජනාධිපතිවරුන් අතරින් වැඩිම තර්ජන ඇත්තේ තමාට බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපතිනිය තමන් බවත් ඇය කියයි.
විශ්‍රාම ගියද කෙසේ හෝ ඝාතනය කරන බවට කොටි සංවිධානය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති පසුබිමක ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය අඩුකර ඇති බවටද ඇය චෝදනා කරයි.
ජනාධිපතිවරණ සමයේදී බලයට පැමිණියහොත් ප්‍රභූ ආරක්ෂක ලබාගන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ප්‍රකාශ කළත් දැන් ඔවුන් සිය ගණනින් සමන්විත ආරක්ෂක බලමුළු සපයාගෙන ඇති බවද පවසන ඇය ඒ මෙරට ප්‍රභූවරුන්ට යම් ආරක්ෂාවක් තිබිය යුතු බව පිළිගැනීමක් දැයි ප්‍රශ්න කරයි.