27 C
Colombo
19/01/2025

තානාපති සේවයට පත්කර ඇති දේශපාලකයන් යළි කැඳවනවා – ජනපති

Share with your friends :

මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නුවරඑළියේ අද (03) පැවති ජන රැලියකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා සියලු ජාතීන්ගේ ද සහාය හිමි පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“නොවැම්බර් 14 මහ මැතිවරණය පැවැත්වෙනවා. මොකද කරන්නේ නුවරඑළිය ජනතාව…? මේ නුවරඑළිය මහ මැතිවරණයට වැදගත් දිස්ත්‍රික්කයක්. සියලු ජාතීන් සමගිකරන දේශපාලනයක් නෙවෙයි තිබුණේ. දෙමළ ජනයාට ඡන්දය දෙන්න දෙමළ පක්ෂ හදලා, සිංහල ජනතාවට ඡන්දය දෙන්න සිංහල පක්ෂ තිබුණා. නුවරඑළියේ සිංහල, දෙමළ ජනතාව බෙදිලා ජීවත්වුණේ. සියලුදෙනා නියෝජනයවන දේශපාලන ව්‍යාපාරයක් පළමුවරට.

පරණ පාරේ යන්න ජනාධිපතිවරණයේදී බලය දුන්නේ නැහැ. වෙනස සිදුකරන්න සියලු ධාරාවන්ගේ බලය තිබිය යුතුයි. බලය ඇත්තේ ජනපති ප්‍රමුඛ තුන්දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක. පරිවර්තනීය වෙනසක් සිදුකිරීමට පාර්ලිමේන්තු බහුතරය ගත යුතුයි. පළාත් සභා ඡන්දේ ලබන වසරේ, ප්‍රාදේශීය සභා ඉක්මණින්ම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. පළමුව දේශපාලන බලය තහවුරු කරගත යුතුයි. විද්‍යාත්මකව විෂයන් බෙදූ හොඳ කැබිනට් මණ්ඩලයක්. හැබැයි ඒ ඇමතිවරුන්ට කලින් වගේ වරප්‍රසාද නැහැ .”

“මේ නුවරඑළියේ ජනපති මන්දිරය භූමියේ කාබනික එළවළු වගාකරනවා. හැම සිකුරාදාම කිලෝ 60ක් ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා. අපි එනකොටත් එළවළු ආවා. මොනවාද මේ එළවළු කියලා ඇහුවා. පිටකොටුවෙන් ලොරිවල එන එළවළු කන්න බෑ එයාලට. එයාලට වෙනම වවලා සිකුරාදාට නුවරඑළියෙන් එළවළු යවලා රට පාලනය කරන්න ඕනේ. මම අපේ ආරක්ෂක නිලධාරීන්ට ඒ එළවළු කිලෝ 60 දෙන්න කිව්වා.”

“ඒ වගේම සැලසුම් කරලා තියෙනවා අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න. සාධාරණ වැටුප් වැඩිකිරීමක් වතු සේවකයින්ටත්.”

“තානාපති ක්ෂේත්‍රයට යවලා තියෙන දේශපාලකයෝ ඔක්කොම කැඳවන්න තීරණය කළා. මේ අවස්ථාව අත්හරින්නේ රට ගොඩනැගීමෙන් පමණයි.”

Share with your friends :