රජයේ සේවකයන්ගේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලැබෙනවා නම් වර්ජන කිරීමට අවශ්‍ය නොවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී වැඩ වර්ජන සිදු නොවන බවට රජයේ පාර්ශවයෙන් කටින් කරන ප්‍රකාශ වලට වඩා අවශ්‍ය වන්නේ වැඩ වර්ජන කිරීමට අවශ්‍ය නොවන පසුබිමක් ඇති කිරීම බවය.
එය රජයේ වගකීමක් වන බවද හෙතෙම කියා සිටී.
කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු කාලයේ සිට රාජ්‍ය සේවකයන්ගේ වෘත්තිය අයිතීන් වෙනුවෙන් කල වෘත්තීය සටන්වලට මෙතෙක් විසඳුම් ලැබී නැති බවද හෙතෙම පැවසීය.