27 C
Colombo
25/10/2024

ලංකාවේ බැදුම්කර නිකුත් කිරීම ඇමරිකා සිටි බැංකුවට-මාලිමාව රනිල්ටත් ඉස්සරහින්

Share with your friends :

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘතිය තවත් ඉදිරියට ගෙන යමින් ජාතික ජන බලවේග ආණ්ඩුව බැඳුම් කර නිකුත් කිරීම ඇමරිකානු සිටි බැංකුව නම් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

මෙම බැංකුව ලෝක ආර්ථික අර්බුදය 2008 වසරේ පැමිණි අවස්ථාවේ ඇමෙරිකානු ජනතාව ඉතා දරුණු ලෙස සූරා කෑමකට ලක් කල බවත් ජනතාවට වංචා කළ ආයතනයක් බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

මෙම බැංකුව සහ සෛරීත්ව බැඳුම්කර මිලට ගන්නා ජාත්‍යන්තර සමාගම් අතර සෘජු සබඳතා ඇති බවත් එම බැංකුවේ නිලධාරීන් අදාළ සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලවල ද සිටිනා බවත් ජයගොඩ මහතා පෙන්වා දෙයි.

මෙම ක්‍රියාව හරියටම නරියාට කුකුල් කූඩුව භාරදීමක් බවත් වේදිකාවේ එදා සිදු කළ කතා හා අද සිදුකරන කටයුතු සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ බවද පැවසූ ඔහු ශ්‍රී ලංකා රජය ගෝලීය ආර්ථික බූවල්ලන්ට වාසිදායක ලෙස තීන්දු තීරණ ගනිමින් ඇතැයිද චෝදනා කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

28,892 views

Share with your friends :