27 C
Colombo
20/10/2024

ශ්‍රීලන්කන් ගුවන් නියමුවන් බල අරගලයක – නැති ප්‍රශ්න උඩට අරන් නැවත බලය ගන්න සටනක්

Share with your friends :

පසුගිය දා සිඩ්නි සිට කටුනායක බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-607 ගුවන් යානයේ සිදු වූ සිද්ධිය හේතුවෙන් එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ කපිතාන් වජිර වනසිංහ සේවයෙන් ඉල්ලා අස්වී ඇත.
මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 301 දෙනෙකු රැගෙන ආ A330-300 ගුවන් යානයේ ගමන් කාලය තුළ සිදු වූ මෙම සිද්ධිය ගුවන් ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ලැබෙන තොරතුරු අනුව, සහයක නියමු අංජලී ෆොන්සේකා ශරීර කෘත්‍යයක් සඳහා නියමු කුටියෙන් පිටව ගිය අවස්ථාවේ, කපිතාන් වනසිංහ විසින් ගුවන් යානා නීති රීති උල්ලංඝනය කරමින් නියමු කුටියේ ප්‍රධාන දොරටුව අගුළු දමා ඇත. සාමාන්‍යයෙන් ඇය එසේ පිටව යද්දී තවත් ජ්‍යෙෂ්ඨ ගුවන් යානා කාර්ය මණ්ඩල නිලධාරියෙකු එහි රඳවා යා යුතු වුවද ඇය එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැත.

මෙම ක්‍රියාව ගුවන් සේවා නීති උල්ලංඝනය කිරීමක් වන අතර, එය මගීන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බව පැවසෙන්නේ මෑතකදී ගුවන් නියමුවන් හුවන් යානා අනතුරට පත් කර සියදිවි නසා ගැනීමේ සිදු කල තත්වයන් නිසාය. අන්ජලී ෆොන්සේකා ගුවන් නියමු වරියක් බවට පත්වීමේ ක්‍රමවේදය සමබන්ධයෙන්ද ශ්‍රීලන්කන් ගුවන් නියමුවන් දැඩි අවධානය යොමු කර ඇති බව පැවසේ.
කෙසේ වෙතත් සිද්ධියෙන් කලබලයට පත් ගුවන් සේවක පිරිස ප්‍රධාන නියමුවාට අභ්‍යන්තර දුරකථනයෙන් ඇමතීමෙන් පසු පමණක් ඔහු දොරටුව විවෘත කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව දැනුවත් වූ සහයක නියමුවරි අංජලී ෆොන්සේකා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධානීන්ට මෙන්ම සිය ලොග් සටහන් පොතේද මෙම සිදුවීම වාර්තා කර ඇත.
ඉන්පසු ගුවන් නියමු වනසිංහ ද මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව වලට දැනුවත් කිරීම් සිදු කර ඇත.

දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යන ආයතන තුනෙන්ම ස්වාධීන පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.
සිදුවීමෙන් පසු කපිතාන් වනසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර, සහයක නියමු ෆොන්සේකාගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වසර 45ක ඉතිහාසය තුළ මෙවැනි බරපතල සිදුවීමක් වාර්තා වන්නේ ප්‍රථම වතාවට බව ගුවන් සේවා නිලධාරියෙකු පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර, ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව බලධාරීන් පවසති.
මේ සිද්ධිය උපයෝගී කරගෙන පසුගිය කාලයේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ බලය අහිමුවූ එක්තරා නියමුවන් පිරිසක් යලි බලය තහවුරු කර ගැනීම සඳහා වෙනමම ක්‍රියාවලියක නියැලෙන බව සඳහන්ය.
මෙරට හිටපු ආරක්ෂක ප්‍රධානියෙකුගේ පුත්‍රයෙකු වන ගුවන් නියමුවෙකු මේ සඳහා මුලිකත්වය ගෙන තිබේ. හිටපු ජනාධිපතිවරුන්ගේ විනෝදාත්මක ගුවන් ගමන් සඳහා විශේෂ සේවාවන් පැවැත්වීම තුලින් සිය ස්ථාවරත්වය හා පැවැත්ම ඇතිකර ගත මෙම ගුවන් නියමුවා මෙතෙක් පැවති සෑම ආණ්ඩුවකටම සම්බන්ධවී තනතුරු හා වරප්‍රසාද ලබා ගත් අයෙකි.

Share with your friends :