27 C
Colombo
20/10/2024

ලංකාවට හමුදාව එවීම ඉන්දියාවේ අත්වැරැද්දක් බව ජයශංකර් කියලා

Share with your friends :

මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි.

ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘‘The India Way: Strategies for an Uncertain world’’ (ඉන්දීය මාවත) නැමති ග්‍රන්ථයෙහි මෙම ප්‍රකාශය ඇතුළත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාව පාමුලම අභියෝගයක් වූ බව ඔහු පවසයි.

“එහිදී මෙරට වාර්ගික ගැටලුව පිළිබඳව කනස්සල්ලෙන් ඉන්දියාව විසින් සහතික කරන ලද විසඳුමක් ගෙන ඒමට උත්සාහ දරන ලදී. ආරම්භයේදීම එය වැරදී ගියේය.” යනුවෙන්ද ඔහු කියයි.

එහෙත් එය සුළුපටු පියවරක් නොවූ බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ සාමසාධක මෙහෙයුමට ඉන්දියාව මහන්සි වුවද ඊට ලැබිය යුතු අවධානය ලැබුණේ අඩුවෙන් බවද විදේශ අමාත්‍යවරයා සිය ග්‍රන්ථය මගින් අවධාරණය කර තිබේ.

විදේශ කටයුතු විෂයෙහි ලෝකයම පිළිගත් විද්වතකු වන ආචාර්ය ජයශංකර් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීමට මෙයට වසර 37 කට පෙර ඉන්දියාව කළ මැදිහත්වීම ගැන පළ කළ මෙම අදහස් බෙහෙවින් ආන්දෝලනාත්මක බව පෙන්වා දී ඇත.

Share with your friends :