27 C
Colombo
19/10/2024

අජිත් මාන්නප්පෙරුම වැඩ කලේ රනිල් දිනවන්නයි – ගංවතුරෙන් පීඩිතයන්ට රජයෙන් සහන මදි

Share with your friends :

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බවත් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

එවැනි තත්ත්යක් තුළ සමගි ජන බලවේගය අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබාදෙන්න කටයුතු කළ බවත් හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

පරදින බව දන්න නිසා ඔහු මහමැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත්ව ඇති බවත් සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසීය.

එහිදී තවරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීවේය.

“අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති කරවන්න තමයි මුල ඉදලම කටයුතු කළේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අජිත් මාන්නප්පෙරුම මහතා සක්‍රීයව දායකත්වය ලබා දුන්නේ නැහැ. නමුත් සමගි ජන බලවේගය අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබාදීමට කටයුතු කළා. නාමයෝජනා භාරදීලා ඡන්දය ඉල්ලන්න නොහැකි බව ඔහු ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයේ දිගුවක් ලෙස තමයි අපි දකින්නේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය නිසා ජනතාවගේ ජන ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල වෙලා තිබෙනවා. ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වන රජයේ මැදිහත්වීම ඉතාම අවම මට්ටමක තමයි පවතින්නේ. ගංවතුරෙන් පීඩාවට පත්වුණ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා රජය නියෝජනය කරන කිසිදු දේශපාලඥයෙක් එම ස්ථානවලට නොගිය බවට අපට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන්නැයි කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

Share with your friends :