27 C
Colombo
18/01/2025

වසර 9 කට පසු ඉන්දීය විදේශ ඇමැ­ති­ව­ර­යෙක් පාකි­ස්තා­න­යට

Share with your friends :

ෂැංහායි සහ­යෝ­ගිතා සංවි­ධා­නයේ රැස්වී­මක් සඳහා ඉන්දීය විදේශ ඇමැති එස්.ජයි­ශං­කර් මේ මස පාකි­ස්තා­නයේ සංචා­ර­ය­කට එක්වන බව එරට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇත. දශ­ක­ය­කට ආසන්න කාල­ය­කට පසු ඉන්දි­යාවේ ඉහළ මට්ටමේ අමා­ත්‍ය­ව­ර­යකු පාකි­ස්තා­නයේ සංචා­රය කරන පළමු අව­ස්ථාව ද එය වනු ඇත. අව­සන් වරට ඉන්දීය අමා­ත්‍ය­ව­ර­යකු පාකි­ස්තා­නයේ සංචා­රය කර ඇත්තේ 2015 වස­රේදී බවත්, එවර එම ඓති­හා­සික අව­ස්ථා­වට දායක වී ඇත්තේ එව­කට ඉන්දි­යාවේ හිටපු විදේශ ඇමැ­තිනි සුෂ්මා ස්වරාජ්ය.

ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය කාශ්මීර අර්බු­දය සහ න්‍යෂ්ටික අවි අර්බු­දය හේතු­වෙන් දශක ගණ­නා­වක් පුරා ආසි­යාවේ පස­මි­තු­රන් බවට පත්වී සිටින අතර, ෂැංහායි සහ­යෝ­ගිතා සංවි­ධාන රැස්වී­මේදී දෙපා­ර්ශ්වය අතර මධ්‍යම ආසි­යාවේ ආර­ක්ෂාව සහ ආර්ථි­කය පිළි­බඳ සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත බව ද වාර්තා වේ.

මීට පෙර ෂැංහායි සහ­යෝ­ගිතා සංවි­ධාන රැස්වීම ඉන්දි­යාවේ පැවැති පසු­ගිය වස­රේදී පාකි­ස්තාන විදේශ ඇමැ­ති­ව­රයා ද ඉන්දි­යාවේ සංචා­රය කළ අතර, එය වසර 2011ට පසු පාකි­ස්තා­නයේ ඉහළ මට්ටමේ අමා­ත්‍ය­ව­ර­යකු ඉන්දි­යාවේ සංචා­රය කළ පළමු අව­ස්ථාව ලෙස ඉති­හා­ස­යට එක්වී තිබිණි.

Share with your friends :